පොලිස් සෙල්ලම

    සුදු වැද්දා පහු ගිය කාලේ පොඩි අමාරුවක වැටුනා. එකයි ලියන්න බැරි උනේ. සුදු වැද්ද ගේ අම්මට අසනීප වුනානේ. ඉතින් වැද්දන්ගේ පැත්තේ හොඳ ඉස්පිරිතාල කොයින්ද?????

   සුදු වැද්දාගේ අම්මා දුර ඉස්පිරිතාලෙකට යැව්වා. ඉතින් මොකද සුදු වැද්දත් නැගපි වැදී වාහනයට. ගියා අම්මා බලන්න. වැදී වහනය ඉතින් අපේ බයික් එකනේ. ආ සුදු වැද්දීත් දාගෙන තමා ගියේ. ගොඩක් දුර ගමනක්,,,,,,,,,,,,,,,,

 අම්මේ.................. එක පාරටම ගහපි පොලිස් මාමෙක් විසිල් පාරක්.........

කුණුහරප වරුසාවක්..................

ඔහොමද යකෝ බයික් පදින්නේ.......... තෝ.. ++++++  දැක්කේ නැද්ද කහ ඉර......   තෝ ++++ උසාවි දානවා..................


     අපොයි වැද්දට ඇප නෑ....  කෙඳිරිගාලා ගාලා....... තිබුන අයිඩින්ටි පෙන්නල  (අයිඩින්ටි ගැන පස්සේ කියන්නම් )...........බොහොමඅමාරුවෙන් දඩ කොලයක්  ලියා ගත්තා රු 100 ක.

        100 වගේ නෙමේනේ. තැපැල් කන්තෝරු වහලා හවස නිසා.  සුදු වැද්දට අම්මා ටිකට් කපලා එක්කන් අවට පස්සෙත් ආය යන්න උනා ලයිසොන් එක අරගෙන යන්න.

      මෙන්න බෝල සුදු වද්දා යද්දී සුදු වැද්දාගේ බයික් එක කහ ඉර උඩින්ම පොලොස් ජිපි එකක් ඉස්සර කොරගෙන ගියා.............

කව්ද මේවට දඩ කොළ දෙන්නේ....................

අපි වගේ අසරණයෝ රු 100 ක දඩ කොලයක් ගෙවන්න අයෙත් රු 500ක තෙල් ගහගෙන පොලිසි හොයාගෙන යන්න ඕන. හැබැයි,,,,,,,,,,,, ලොක්කන්ට....................
0

ගින්න.

 ඔන්න ඉතින් සුදු වැද්ද දැකපු දෙයක් තමයි මේ කියන්න හදන්නේ. වෙසක් දවසේ ඉන්ද්‍රසාර හිමියන්ගේ ගිනි
තබා ගැනීම ගැන.
  කණගාටු දායක කාරණය තමයි, මේ වන විට එතුමන් අපවත් වී තිබීම. නමුත් නැවතත් අපට කල්පනා කිරීමට සිදු වන්නේ එතුමන්ගේ අපේක්ෂාව ඉටු වුවද යන්නයි. සැබවින්ම බෞද්ධ දර්මය තුල සිය දිවි හානි කර ගැනීම අනුමත නොකරන ක්‍රියාවකි. අපටද මෙය අනුමත කල නොහැක. නමුත් එතුමන්ගේ ඉල්ලීම සාදාරන වන්නට පුළුවන. නමුත් වෙසක් පොහොයක් වැනි දවසක මෙසේ කිරීම අපට නම් කෙසේ වත් අනුමත කල නොහැක.
   අන්‍යගමිකරණයට නීති ගැන ඒම එතරම් ප්‍රයෝහික ක්‍රියාවක් නොවේ. මන්දයත් අපට ඕනෑම ආගමක් ඇදහීමේ නිදහස තිබෙන බැවිනි. බෞද්ධයන් වන අපටද අපගේ ආගමෙන් නීතියක් දමා මෙහිම රැදි සිටින ලෙස කිසිදු බල කිරීමක් නැත. අපගේ ආගම රැක ගැනීමට නම් අප තව තවත් ප්‍රතිපත්ති ගරුක විය යුතු බව නම් මට හැඟෙ. එයට හාමුදුරු වරුන් හා ගිහියන් දැනුවත් කිරීම් වැනි දේවල් කිරීම වස් සියදිවි හානි කර ගැනීම නොකළ යුතු දෙයකි.
   ගවයා අපට සමීප සතෙකු වන බව නොරහසකි. නමුත් සත්ව ඝාතනයම වැරැද්දක් බව අප දනිමු. ගව ඝාතනය පමණක් තහනම් කිරීම ප්‍රයෝගික නොවේ. එසේ නම් සියලුම මස්, මාළු, කරවල, බිත්තර, තහනම් කල යුතුය. එය ප්‍රයෝගික නොවන බව ඔබ අප කාටත් වැටහෙන කරුණකි. මේ මොහොතේදී ගව ඝාතනය ගැන කතා කිරීමෙන් මුස්ලිම් ජාති වාදය හාරා ඇවිස්සී යයි. සිංහලුන් හෝ මුස්ලිම් වරුන් හෝ වේවා ජාතිවාදය පැතිරවීම නම් හොඳ දෙයක් නොවේ. අප හලාල් මගින් ජාතිවාදය පතුරනවට විරුද්ද වුවා මෙන්ම මෙයටද විරුද්ද විය යුතුය.
  ආමිසයට වඩා ප්‍රතිපත්තියට ගරු කරන සමාජයක් බිහි කිරීමට අප හිතා ගත යුතුය. ඊට සටන් කල යුතුය. සන්දර්සන වලට සිමා වුවහොත් අපට සිදු වන්නේ වඳ වී යාමටය. ස්වර්ණවාහිනියේ එතන තිබු භූමිකාව අපට අමතක කල නොහැක. සියල්ල ඔවුන් දන සිටි බව නම් 2 පන්තියේ පොඩි එකෙකුට පවා වැටහේ.
  සුදු වද්දා ට හිතෙන දේ තමයි මේක...........

ඔබගේ අදහසට අපේ වැද්දන්ගේ අඩවියේ ඉඩ................................
 
0

වැද්දී නෑ

         සුදු වැද්දා යි සුදු වැද්දී යි, ලංකාවේ අතරමන් වෙලා ඉන්න වෙලාවේ ආයුබෝවන්ට  වැද්දී නැති
වෙලානේ.................................
  ඉතින් සුදු වැද්දා ඉන්නේ හරිම අප්සට් මුඩ් පොජ්ජක් මන්ද කොරගෙන........................

ඉතින් වැද්දියේ ඉන්න තැනකින් ඉක්මනට වර මේ බ්ලොග් පොජ්ජ පවත්වාගෙන යන්න............

සුදු වැද්දා ට මේකේ උඩ තියන ඉංගිරිසි තේරෙන්නේ නෑ යෝදියේ...........................

     සුදු වැද්දා හිතන් ඉන්නේ මේකෙන් හොඳ වැඩක් මේ අත්තොන්ට සලසලා දෙන්න නොවැ..............

වැද්දී මේක දැක්ක  ගමන් එන්ඩෝ............................................
3